කොළඹ ස්ථාන පහකදී සිනෝෆාම් එන්නත් දෙයි


කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ස්ථාන පහකින් සිනෝෆාම් එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ.

ඒ අනුව කොම්පඤ්ඤවීදිය නගර සභා බෙහෙත් ශාලාව, වැල්ලවත්ත වෙළඳසංකීර්ණය, නව බසාර් මාතෘ නිවාසය, මුගලන් පාර සිතුමිණ ප්‍රජා මධයස්ථානය, ඛෙත්තාරම විහාරස්ථානය යන ස්ථාවලදී සිනොෆාම් එන්නත ලබාදීමට නියමිතය. 

මේ අනුව කොළඹ 1 - 15 නගර සීමාවේ ඕනෑම පුද්ගලයෙකුට එම එන්නත ලබාගැනීමට අවස්ථාව තිබේ.

චීනයෙන් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලැබුණි.



Recommended Articles