කොළඹ සරසවියේ සිසුන් 12ක් රිමාන්ඩ්


කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව සිසුන් 12ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පෙරේදා (08දා) ඇතිවූ ගැටුම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අද පෙරවුවේ මෙම සිසුන් 12 කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු හෙට (11දා) අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.



Recommended Articles