කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පැය 24 පුරා එන්නත්


ශ්‍රී ලංකාවේ පළමු අවස්ථාවට පැය 24 පුරාම එන්නත් ලබාදෙන ස්ථානයක් අද දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යන එන්නත් මධ්‍යස්ථානය අද දිනයේ සිට පැය 24 පුරාම ක්‍රියාත්මක කරවීමට නියමිතය.

මෙහිදී ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අය වෙනුවෙන් එහි දෙවැනි මාත්‍රාව ලබාදීම සිදුකරයි.



Recommended Articles