කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මාසයේදී


කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව ඉන්දියාවේ අදානි සමාගම පවසා සිටියි.

ඊට අදාළ ගිවිසුම් නොවැම්බර් මාසයේදී අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 5000 ක මුදලක් වැය කෙරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර හවුල් ව්‍යාපෘතියක් ලෙස වසර 35 ක කාලයක් ආවරණය වන පරිදි කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ අයිතිය පැවරීම මෙහිදී සිදු කිරීමට නියමිතයි.



Recommended Articles