කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව හා ජපානය සමග සංවර්ධනය කරන්න යයි


කොළඹ දකුණු වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව, ශ්‍රී ලංකාව හා ජපානය එක්ව රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් වශයෙන් සංවර්ධනය කර වසර 35කින් ආපසු භාර දීමේ පදනම මත සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කොළඹ වරාය කලාපයේ තරගකාරී වරායක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති ගිවිසුම්වලට අනුගත වෙමින් ඉන්දීය රජය හා ජපන් රජය නම්කරන පාර්ශ්වයන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මෙම පර්යන්තය සංවර්ධනය කිරීමට නියමිතය.



Recommended Articles