කොළඹ මහනගර සභාවේ වරිපනම් ගෙවිමට දුන් සහන කාලය දිර්ඝ වෙයි


කොළඹ මහ නගර සභාව වෙත මේ වසරේ දෙවන කාර්තුව සඳහා වරිපනම් බදු ගෙවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබේ.

ඒ අනුව 2021 දෙවන කාර්තුව සඳහා ජූලි මස 31 වන දා දක්වා වරෙන්තු ගාස්තු අය කිරීමකින් තොරව වරිපනම් බදු ගෙවිය හැකිය.

කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණී දිසානායක මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජුලි මස 31 වන දිනයෙන් පසුව අදාළ ගෙවීම් සිදුකරන නේවාසික දේපළ හා මුඩුබිම් සඳහා කාර්තුවේ වරිපනම් බදු වටිනාකමින් සියයට 15ක් ද සෙසු දේපළ සඳහා සියයට 20ක් ද වශයෙන් වරෙන්තු ගාස්තු අයකරනු ලැබේ.



Recommended Articles