කොළඹ පාරිභෝගික උද්ධමනය ඉහළට


කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය නොවැම්බර් මාසයේ දී 3.4%ක් දක්වා වැඩි වී ඇත. එය 2023 ඔක්තෝබර් මාසය සඳහා 1.5%ක් ලෙස වාර්තා වී තිබුණි.

නොවැම්බර් මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -3.6% දක්වා වැඩි වී ඇති අතර 2023 ඔක්තෝබර් මාසයේ දී එය වාර්තා වූයේ -5.2%ක් ලෙසය.

නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)6.8%ක් දක්වා වැඩි වී ඇති අතර එය 2023 ඔක්තෝබර් මාසයේ දී 4.9%ක් ලෙස වාර්තා විය.



Recommended Articles