කොළඹ ප්‍රදේශ කිහිපයකට කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය


අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) පැය 10ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ 01, 02, 03, 07, 08, 09, 10, 12, 13, හා 14 යන ප්‍රදේශවලට අද (30) පස්වරු 2.00 සිට පැය 10ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.



Recommended Articles