කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්


අද (10) උදෑසන 7 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 12, 13,14 සහ15 යන ප්‍රදේශවලට හෙට උදෑසන 7 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මේ අතර, කොළඹ 1 සහ 11 ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය බෙදා හරිනු ලබන බව ද එම මණ්ඩලය නිවේදනය කරයි.

 



Recommended Articles