කොළඹ තැන් කීපයකට ජල කප්පාදුවක්


අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(30) දිනයේ දී ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

අද උදෑසන 9 සිට 31 වන ඉරිදා දින අලුයම 3 දක්වා පැය 18 ජල කප්පාදුවක් කොළඹ 02, 03, 07, , 08, 09, සහ 10 යන ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදු වෙනු ඇති අත​ර කොළඹ 1 යන ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.



Recommended Articles