කොළඹ තවත් පිරිසකට හෙට සිට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව


කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂිල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදිම හෙට (28) සිට සිදු කරන බව කොළඹ මහනගර සභාව පවසයි.

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් වයස අවු 70ට වැඩි පිරිස 10,500ක් පමණ සිටින බව කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවාය.



Recommended Articles