කොළඹ උද්ඝෝෂණයට ආපු 3ක් අත්අඩංගුවට


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා බහුජන සිවිල් සංවිධාන විසින් ඊයේ කොළඹ පැවැත්වූ උද්ඝෝෂණයට එක්වූ පුද්ගලයන් අතරින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙක් කොල්ලුපිටිය පොලීසිය වෙතත් තවත් සැකකරුවෙක් කුරුඳුවත්ත පොලීසිය වෙතත් ඉදිරිපත් කර තිබේ.



Recommended Articles