කොළඹ අහඹු පි.සි.ආර් සංඛ්‍යාව වැඩි කෙරේ


කොළඹ නාගරික සීමාව ආශ්‍රිතව අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකර ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

ඔහු පැවසුවේ, දෛනිකව අහඹු පරීක්ෂණ 500ක් පමණ සිදු කෙරෙන බවය.

මහල් නිවාස, වතු නිවාස හා අධිඅවදානම් කලාපවල එම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේ ය.

 



Recommended Articles