කොළඹ 11 සිට 15ට පැය 15ක් වතුර කපයි


කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (2දා) රාත්‍රී 10.00 සිට හෙට (3දා) පස්වරු 1.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ 11 සිට 15 දක්වා ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් අවශ්‍යතාව අනුව ජලය රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.



Recommended Articles