කොළඹ ,ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට ලිහිල් කරයි


ඊයේ (16) රාත්‍රියේ 8 සිට දිවයින පුරා පැනවු ඇඳිරි නීතිය හෙට (18) අලුයම 5ට ඉවත් කෙරේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය හෙට දිනයේ ලිහිල් කෙරෙනු ඇත.

රජය විසින් නිකුත් කරන ලද රෙගුලාසිවලට යටත්ව රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ රාජකාරි කටයුතු හෙට සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන අතර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ලිහිල් කෙරෙයි.

ඒ අනුව හෙට සිට මැයි 23 සෙනසුරාදා තෙක් එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි.

 



Recommended Articles