කොළඹ - හැටන් මාර්ගය අවහිර වෙයි


ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේ දී විශාල ගලක් පෙරළී ඒම හේතුවෙන්  කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයට  මාර්ගයේ‍ රථ වාහන ධාවනයට බාධා ඇතිව තිබේ.

තවත් ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැළවී ඒමේ අවධානම හේතුවෙන් හා ප්‍රධාන මාර්ගයට පෙරළී ආ ගල ඉවත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ගිනිගත්හේන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල මාර්ගය භාවිතා කරන ලෙස ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.



Recommended Articles