ගාලු පාර හරහා කොළඹ සිට කතරගම දක්වා ක්‍රියාත්මක අර්ධ සුඛොපභෝගී බස් රථ සේවාව අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තිරණය කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එම බස් රථ සේවාව අත්හිටුවත් කොළඹ සිට කතරගම දක්වා ගාලු පාරේ ක්‍රියාත්මක සාමාන්‍ය හා සුඛෝපභෝගී බස් රථ සේවා තවදුරටත් ක්‍රියාත්මක බවයි.
ඒ අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථ වෙනුවෙන් අය කළ රුපියල් 1,541 ක ගාස්තුව රැපියල් 1,117ක් දක්වා සාමාන්‍ය ගාස්තු දක්වා අඩුවන බව ඇමතිවරයා කීවේය.
Semi-Luxury Bus Service from Kataragama to Colombo on the Galle Road will be cancelled from midnight today (4) - Minister Bandula Gunawardena