කොස්ගොඩ සුජීගේ සමීපතමයෙක් වෙඩි තබා ඝාතනය කරයි


කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ අද (21)උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ පාතාල නායක කොස්ගොඩ සුජී නමැත්තගේ සමීපතයකු වන කොස්ගොඩ රන් මහත්තයා නමැත්තා බව ද පොලීසිය කියයි.

ඔහු සිය නිවසේ සිටින විටදී යතුරු පැදියෙන් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව ද පොලීසිය කියයි. මෙය පාතාල නායක රත්ගම විදුර නමැත්තාගේ වැඩක් විය හැකි බවට පොලීසිය සැකකරයි.

විදුර නමැත්තාගේ සමීපතමයෙකුවූ රත්ගම පාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයාට වෙඩි තැබීමේ පලිය ගැනීමට මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැකකරයි. කොස්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles