කොස්ගොඩ තාරකගේ හා ගඟනගේ සමීපතමයෙක් අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොස්ගොඩ තාරක හා ගඟන යන අයගේ මහා පරිමාන හොරොයින් ජාවාරම්වලට සම්බන්ධ හා 2019/02/22 දා මහරගම පොලිස් වසමේදී පිස්තෝල අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුව ගෙන තිබේ.

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇරැව්වල ප්‍රදේශයේදී හොරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 170ක් සමග මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.



Recommended Articles