කොස්ගොඩ තාරක ඇතුළු සිවු දෙනෙකුට ඩෙංගු


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික  කොස්ගොඩ තාරක ඇතුළු  අපරාධ කල්ලි සාමාජිකයන්  සිවුදෙනෙකු ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන්  කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .

එම පිරිස අතර  ධර්මකීර්ති තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක , කොස්ගොඩ තාරක ගේ සහෝදරයා වන මධුක නිර්මාල් පෙරේරා,ඩබ්ලිව් එම් පී පි බණ්ඩාර   හා මොහොමඩ් ඉබ්බ්‍රාඉම්  යන  පුද්ගලයන්  බව  උසස් පොලිස් නිලධාරියා කීය .

අපරාධ කල්ලි සාමාජිකයින් සිව් දෙනා අංක 43 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව  රෝහල් ප්‍රකාශකයකු පැවසීය 

මෙම අපරාධ කල්ලි සාමාජිකයන් සිව්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග  රඳවා සිටි අයවලුන් බවත් එම පුද්ගලයන් ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි  උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය . 

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ



Recommended Articles