කොස් මිලත් නගී - ගෙඩියක් රු 1000


දර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය  අසල  කොස් අලෙවිකරණ වෙළෙන්දෙකු කොස් ගෙඩියක මිල අද (24) රුපියල් දහසක් බව පාරිභෝගිකයෝ කියති.

ගෙඩියක් මිලදී ගැනීමේදී රුපියල් දාහක් වන අතර  ගෙඩියක් හයට කපා  ඉරුවක්  අලෙවි කරනු ලබන්නේ  රුපියල් දෙසීයට බව කියයි .

රට තුළ පවතින භාණ්ඩ  මිලට  සාපේක්ෂව කොස් මිල ද ඉහළ දැමීමට තමන්ට සිදුව ඇත්තේ   කොස් ගස් හිමීයන්ද  පසුගිය  කාලයන්වලදී ඉතා අඩු මිලට දුන් කොස් ගෙඩියක මිල ඉහල දමා තිබීම හේතුවෙන් බව  විමසීමේ දී එම වෙළෙන්දා පැවසීය.



Recommended Articles