කොවිඩ් හේතුවෙන් සිදුවූ ඉගෙනුම් පාඩුව පිළිබඳ ඇස්තමේන්තුවක්


කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අහිමිවූ ඉගැන්වීම් පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඇස්තමේන්තුවක් සකස් කර තිබේ.

එම වාර්තාවට අනුව ඉගෙනුම් පාඩුව 2020 වසරේදී බස්නාහිර පළාත තුළ 55%ක් සහ අනෙකුත් පළාත්වල 45%ක් වශයෙන් තක්සේරු කර ඇත.

2021 වසරේදී මේ දක්වා ඉගෙනුම් පාඩුව බස්නාහිර පළාතේ 90%ක් ද අනෙකුත් පළාත්වල 70%ක් ද ලෙස දැක්විය හැකි බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සඳහන් කර සිටියි.



Recommended Articles