කොවිඩ් සුව වූ සංඛ්‍යාව 604ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 604ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1028ක් වාර්තා වන අතර 9 ක් මියගොස් තිබේ.

තවත් රෝගීන් 415ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 



Recommended Articles