කොවිඩ් වැඩිම ආසාදිතයින් ඊයේ දිනයේ


කොවිඩ් ආසාදනය වූ තවත් 4282 දෙනෙකු ඊයේ (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී.

මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයින් ගණනද මෙය වේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39000ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර ඊයේ දින කොවිඞ් ආසාදිත මරණ 183 ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම මරණ මුළු සංඛ්‍යාව 7366 ක් දක්වා ඉහළ ගියේය. මේ වන විට ප‍්‍රතිකාර ලබන ආසාදිත සංඛ්‍යාව 40475 කි.

 



Recommended Articles