කොවිඩ් රෝගීන් 674ක් දක්වා ඉහළට


අද දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 9 දෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව අද සමස්ත රෝගීන් ගණන 674ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේද මේ දක්වා වාර්තා වූ රෝගීන් 9 දෙනාගෙන් 3ක්ම නාවික හමුදා සෙබලුන් වෙයි.

තවත් පස් දෙනෙක් නාවික හමුදා සෙබලුන් ළගින්ම ඇසුරුකළ අය වෙයි. අනෙක් පුද්ගලයා කොළඹින් වාර්තා වී තිබේ.

 



Recommended Articles