කොවිඩ් මරණත් ඉහළට - තෙවැනි දිනටත් ආසාදිතයන් 1000 ඉක්මවයි


කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ වැඩිවිමක් දක්නට ලැබෙන අතර කොවිඩ් ආසාදිත සංඛ්‍යාවද අඛණ්ඩව තෙවැනි දිනටත් 1000 සීමාව ඉක්මවා ගියේය.

කොවිඩ් මරණ 32ක් අද දිනයේදී වාර්තා කර තිබේ. මෙම මරණ ඊයේ (31දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15473ක් දක්වා වර්ධනය විය.

මේ අතර අඛණ්ඩව තෙවැනි දිනටත් කොවිඩ් ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා වාර්තා විය. අද දිනයේදී හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1137කි.

මෙම ආසාදිතයන් සංඛ්‍යාවත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 612,322ක් දක්වා වර්ධනය විය.



Recommended Articles