කොවිඩ් මරණ වලින් සියයට 76ක්ම එක් එන්නතක් හෝ ලබානොගත් අයයි


දැනට වාර්තා වී ඇති කොරෝනා මරණ වලින් 76%ම  සිදුව ඇත්තේ එක් එන්නත් මාත්‍රාවක හෝ ලබා නොගත් අය බැවින් හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබද ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.

ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානයේ සිරුරු 2802 ක් භූමදානය කර ඇති බවද ඒ මහතා සදහන් කළේය.

මහනුවර ජාතික රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.

 



Recommended Articles