කොවිඩ් මරණ 4ක්


තවත් කොවිඩ් මරණ 4ක් අද (06) දිනයේ  තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 497ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවකි.

 



Recommended Articles