කොවිඩ් නිසා ඉතාලියේදී මිය ගිය ලාංකිකයන් ගණන 6ක් දක්වා ඉහළට


ඉතාලියේ මිලාන් නුවර ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් ආසාදනය උත්සන්න වී මිලාන් නුවර සැන් කාර්ලෝ රෝහලේදි පෙරේදා (21 දා) මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මිලාන් බරන්සාතේ ප්‍රදේශයේ රැකියාව කරමින් ජිවත් වු දේවින්ද ප්‍රනාන්දු නම් 52 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් සතියකට පෙර සැන් කාර්ලෝ රෝහලට ඇතුල් වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව සැන් කාර්ලෝ රෝහල පවසයි.

මියගිය තැනැත්තා මීගමුව පදිංචි අයෙකි. ඉතාලියේදි මේ වනවිට කොවිඩ් ආසාදනයෙන් ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙක් මියගොස් තිබේ.



Recommended Articles