කොවිඩ් නිසා ඉතාලියේ නගර දෙකක් ආයෙත් අගුලු දමයි


නව කොවිඩ් ආසාදිතයන් සොයා ගැනිම හේතුවෙන් ඉතාලියේ කම්පානියා ප්‍රාන්තයේ මොන්ඩ්‍රගොනෙ ප්‍රදේශය හා කලාබ්යා ප්‍රාන්තයේ පාල්මි ප්‍රදේශය අවදානම් රතු කලාපයක් ලෙස නම් කර අගුලු දැමු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසයි.

මොන්ඩ්‍රගොනෙ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 50 කට අධික සංඛ්‍යාවක්  හා පාල්මි ප්‍රදේශයෙන් දසදෙනෙකු හමුවීම හේතුවෙන් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ හා නගරාධිපතිවරුන්ගේ නිර්දේශයෙන් මෙලෙස අගුලු දැමිම සිදු කල බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පැවසීය.

 ඊයේ (04)  දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ්  ආසාදිතයන් 241,419 ක් මරණ 34,854ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පැවසීය.

ඊයේ (04)  දිනයේදි  නව කොවිඩ්  ආසාදිතයන් 235 ක් මරණ 21 ක් වාර්තා වි තිබේ. 

චන්දන ප්‍රනාන්දු 

                                                                                                                                                                                                 

                                                                                                                                                                                                                                                                          

 

 



Recommended Articles