කොවිඩ් එන්නතේ වෙනත් බලපෑම් නෑ


ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත අද (28දා) සිට එන්නත් කිරීම ආරම්භ කළ බවත් එහි වෙනත් බලපෑම් කිසිවක් නොමැති බවත් වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

අද දිනයේදී එන්නත් මධ්‍යස්ථාන 10කදී එන්නත් 5286ක් ලබාදී තිබේ. එහිදී වැඩිම ප්‍රමාණයක් එන්නත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේදී වන අතර එම අගය 1886කි.

එන්නත් කිරීමේ වැඩසටහන හෙට දිනයේදී රට පුරා දියත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles