කොවිඩ් එන්නත්කරණය නවති


ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ මහතා පවසා සිටියේ, ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එලෙස පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන බවය.

මේ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත නිකුත් කර ඇති සියලුම කොවිඩ් එන්නත් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල හරහා කෙළඹ සේරම් පෙදෙසේ වසංගත රෝග ඒකකයට ආපසු භාර දෙන ලෙසද සියලු කාර්යාල වෙත දන්වා යවා ඇත.



Recommended Articles