කොවිඩ් එන්නත් ගත් ඇඟලුම් සේවිකාවන් 12 දෙනෙකු රෝහලට


වීරකැටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කම්හලක සේවකයින්ට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් අනතුරුව හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සේවිකාවන් 12 දෙනකු වීරකැටිය ප්‍රාදේශීය රෝහලට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

වීරකැටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන්ට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ඉකුත් 08 වැනිදා  ලබා දී තිබිණි.  එන්නත ලබා ගැනීමෙන් පසුව අනතුරුව සේවිකාවන් 12 දෙනකුට ක්ලාන්ත ගතිය ඇති වී ඇති අතර මේ හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සඳහා වීරකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම තත්වය සයිනොෆාම් එන්නත නිසා ඇති වූ සංකූලතා තත්වයක් නොවන බවත් රෝහල්ගත කළ සේවිකාවන් ප්‍රතිකාර ලබා ගෙන එදිනම රෝහලෙන් පිටව ගිය බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දිස්නා කුමාරි මහත්මියගෙන් කළ විමසීමේදී ඇය පැවසුවාය.

අනිෂා මානගේ 



Recommended Articles