කොවිඩ් ඇති රටවලින් පැමිණි 1,954ක් පසු විපරමේ


ඉරානය, ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් රටට ඇතුළු වූ පසු එම මගීන් සිටින ස්ථානයේ සිට දින 14ක කාලයක් සොයා බැලීම සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මීට අමතරව VIP දොරටුවෙන් ඇතුල්වෙන පිරිස් පිළිබඳ ආවේක්ෂණ කටයුතු නොකළ බවත්, එහෙත් එම කටයුතු මින් ඉදිරියට සිදු කරන බවත් ඔහු කියා සිටියේය.

කොවිඩ් 19 වෛරසය ඇති රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගීන් 1,954ක් පසු විපරමට ලක්වන බවත්, එම පිරිස අතර ශ්‍රී ලාංකිකයන් 679ක්, චීන ජාතිකයන් 747ක්, කොරියානු ජාතිකයන් 380 දෙනෙකු හා වෙනත් රටවලින් පැමිණි 148ක් පසු විපරමකට ලක්වන බවද හෙතෙම කියා සිටියේය.

 

 

 



Recommended Articles