කොවිඩ් ආසාදිතව සිටි හිමිනමක් අපවත් වෙති


ඌව ශ්‍යාමවංශික නිකායේ කාරක සංඝ සභික හා බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝ නායක ,කෙහෙල්ඇල්ල ආනන්දාරාමය , හාලිඇල - බෝගහමඩිත්ත ජේතවනාරාමය යන විහාරස්ථානාධිපති වූ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ‍ගෝඩුන්නේ පියතිස්ස බදුල්ල හිමියෝ  කොවිඩ් ආසාදිතව ,බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ්  ප්‍රතිකාර ඒකකයේ දී  අද  (19) අපවත් වූහ.

අදාහන කටයුතු කොවිඩ් 19 සෞඛ්‍ය  නිර්ණායනයන්ට අනුව  බණ්ඩාරවෙල පොදු සුසාන භූමියේදී  අද (19)  සිදුකිරීමට නියමිතව  තිබිණ .

පාලිත ආරියවංශ



Recommended Articles