කොවිඩ් ආසාදිතයින් 9,606ක් නිවෙස්ගත නිරෝධායනයේ


කොවිඩ් ආසාදිතයින් 9,606 දෙනෙක් මේ වන විට නිවෙස්ගත නිරෝධායනයේ යෙදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශයේ තෘතියික සේවා පිළිබද අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.

ඉන් රෝගින් 3,162ක් කොළඹ දිස්ත්‍රික්කයේ අය වන අතර ,ගම්පහ දිස්ත්‍රික්කයේ 1,883ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ 1,712 දෙනෙක් ඒ අතර වන බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසීය.



Recommended Articles