කොවිඩ් ආසාදිතයින් 38ක් හමුවිම නිසා ලංකාපුර ඇගැළුම්කම්හල වසා දමයි


පොලොන්නරුව ලංකාපුර පිහිටි ඇගැළුම් කම්හලේ සේවක සේවිකාවන් 38 දෙනෙකු  කොරෝනා ආසාදිතයින් බවට හදුනා ගැනිමෙන් පසු (27) දින පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා  ප්‍රකාශ කළේය.

මෙසේ ඇගැළුම් කම්හල වසා දැමිමට පියවර ගෙන ඇත්තේ එහි සේවය කල 38 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වීමයි. මෙම ඇගැළුම් කම්හලේ සේවක සේවිකාවන් 800කට අසන්න පිරිසක් සේවය කරයි. ඉන් පසු සෞඛ්‍ය අංශ විසින්  සේවය කරන පිරිසෙන්  300කට අසන්න පිරිසක්  පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකළ අතර එම වාර්තා ලැබෙන තෙක්  වනවිට එම ඇගැළුම් කම්හල තාවකාලික වසා දැමිටත් ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත් ආශ්‍රිතයින් නිරෝධානයටත් ලක්කර ඇතැයිද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පැවැසීය.

හිගුරක්ගොඩ-ඩබ් ඒ පියතිලක



Recommended Articles