කොවිඩ් ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් කොළඹ, ගම්පහ හා බදුල්ලෙන්


ශ්‍රී ලංකාව තුළින් ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ, ගම්පහ හා බදුල්ල දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදී ආසාදිතයන් 887ක් වාර්තා වී ඇති එයින් 09ක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් වෙයි. ඉතිරි පුද්ගලයන් 878 දේශීයව හඳුනාගත් අය වෙයි.

ආසාදිතයන් අතරින් කොළඹ, ගම්පහ හා බදුල්ල දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයන් 214ක්,208ක් හා 181ක් ලෙස වාර්තා වී තිබේ. අනෙකුත් ආසාදිතයන් 275 දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

අද උදෑසන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 70 234

පූර්ණ සුවය ලැබූ 64140

ප්‍රතිකාර ලබන 5729

සමස්ත මරණ 365

 



Recommended Articles