කොවිඩ් -19 ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 270 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ රැඳවියන් 278 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවය.
ඒ අතරින් 107 දෙනෙකු කාන්තා රැඳවියන් බව ද ඔහු සඳහන් කළේය.
ඊයේ දිනයේ පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 68 දෙනෙකු, කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් 13 දෙනෙකු සහ මහර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.
කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන ඉහළට
Recommended Articles

