කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරින් ගණන 460ක් දක්වා ඉහළට


අද වන විට පොලිස් නිලධාරීන් 460කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අතරින් යම් පිරිසක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, කොළඹ නගරය තුළ ආසාදිත බවට පත්ව ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ සොයා බැලීම සඳහා අද (10) දිනයේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් ද පොලිස්පතිවරයා විසින් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 



Recommended Articles