කොවිඩ් ආසාදනය වූ නාවික රණවිරුවන් ගණන 578ක්


නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 233ක් අද දිනයේදී නිරෝධානය මධ්‍යස්ථාන තුළින් මුදා හැර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

අද දිනය වන විට පුද්ගලයන් 10103ක් නිරෝධානය අවසන් කර ඇති බවත් තවත් පුද්ගලයින් 3519ක් නිරෝධානය වෙමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදා රණවිරුවන් 578ක් කොවිඩ් ආසාදිතයන් ලෙස මේ දක්වා හඳුනාගෙන ඇති බවත් ඉන් 221 සුවය  ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් ඔහු පැවැසීය.



Recommended Articles