කොවිඩ් අවදානමක් හේතුවෙන් ඉතාලියට ආ බංග්ලාදේශ ජාතිකයන් 175ක් හරවා යවති


කටාර් ගුවන් සේවය හරහා ඉතාලියේ රෝම් ෆිමිචිනෝ හා මිලාන් මල්පෙන්සා ගුවන් තොටුපළවල් වලින් ඉතාලියට  ඇතුල්වීමට පැමිණි  බංග්ලදේශ ජාතිකයන් 175 ක් කොවිඩ් අවදානම් තත්ත්වයක් හේතුවෙන් (09)  නැවත එම ගුවන් යානා වලින්ම හරවා යැවිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පැවසීය.

ඩකා අගනුවර සිට පසුගිය සති 2 ක තුල ඉතාලියට  පැමිණි බංග්ලාදේශ ජාතිකයන් 20කට  අධික පිරිසක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනිම හේතුවෙන් එම ගුවන් මගින් මෙලෙස ඉතාලියට ඇතුල්වීමට අවසර නොදුන් බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ඊයේ (11)  දිනයේදි  නව කොවිඩ්  ආසාදිතයන් 188ක් මරණ 7ක් වාර්තා වි තිබේ.

චන්දන ප්‍රනාන්දු 



Recommended Articles