කොවිඩ් අරමුදලට SLT සමූහය ලක්ෂ 500ක දායකත්වයක් දක්වයි


ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින් COVID -19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 50ක දායකත්වයක් දැක්වීය.

එම මුදල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කර තිබේ.‍

මෙම මුදල් පරිත්‍යාගයට අමතරව, රටේ ප්‍රධාන අංශවල ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 350 ඉක්මවන තාක්‍ෂණික විසඳුම් රාශියක්ද ශ්‍රී ලංකා ටෙලිකොම් ඉදිරිපත් කර තිබේ.‍



Recommended Articles