කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ජනපති නිරික්ෂණයට


සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

බ්‍රැන්ඩික්ස් (Brandix) ආයතනය ලබාදුන් ගොඩනැඟිල්ලක ඉදිකෙරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු 03කින් සමන්විත වේ. 

එක්වර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව  1200කි. නවීන තාක්ෂණ මෙවලම්  ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකග්‍රතාව සුරැකෙන පහසුකම් රැසක් මධ්‍යස්ථානය සතුය. යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම් නිම කිරීම ද විශේෂත්වයකි. රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ ආබාධිත රණවිරුවෝ පැය 24ක් වැනි කෙටි කාලයකදී ඊට  අවශ්‍ය ඇඳ ඇතිරිලි කට්ටල 2000ක් මසා නිම කළහ.

 



Recommended Articles