කොවිඩ් 19 ලෝකයට ඉහළ අවධානමක් - WHO


කොවිඩ් 19 වෛරසය ලෝකයට ඉහළ අවධානමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර තිබේ. මේ වන විට ලොවපුරා ආසාදිතයන් 191127ක් හා මරණ 7807ක් වාර්තා වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවසන්වරට කළ යාවත්කාලීනයේ මේ බව සඳහන් වෙයි.  ඊයේ දිනයේදී අවසන් වූ පැය 24 තුළ නව මරණ 786ක් හා නව ආසාදිතයන් 15123ක් ලොව පුරා වාර්තා වී තිබේ.

කලාප වශයෙන් කොවිඩ් 19 ව්‍යාප්තවී ඇති අයුරු...

බටහිර පැසිෆික්

ආසාදිතයන් - 91845

මරණ - 3357

යුරෝපය

ආසාදිතයන් - 74 760

මරණ -3352

නැගෙනහිර මධ්‍යධරණී කලාපය

ආසාදිතයන් - 18060

මරණ - 1010

ගිණිකොණ දිග ආසියාව

ආසාදිතයන් - 538

මරණ - 9

ඇමෙරිකානු කලාපය

ආසාදිතයන් - 4979

මරණ - 68

අප්‍රිකාව

ආසාදිතයන් - 233

මරණ - 4



Recommended Articles