කොවිඩ් 19 පීඩනය මැද ඉතාලියේ ජනමත විචාරණයක්


යුරෝපය දෙවන කොවිඩ් රැල්ලකට හසුවෙමින් පිඩනයකට ලක්වෙමින් තීබෙන තත්වයක් තුල ඉතාලිය තම රට  කොවිඩ් දෙවන රැල්ලෙන් බේරගැනිමට  සියලු සැලසුම් දියත් කරමින් සිටින අතර තුර අද (20) හා (21) හෙට දිනයේ ප්‍රාන්ත 7 ක ජනතාව එම ප්‍රාන්තවල නව පාලනයක් සඳහාත් ඉතාලියේ සියලුම ජන්ද දායකයන් පාර්ලිමේන්තු හා සෙනෙට් සභාවේ මන්ත්‍රීධූරයන් අඩු කිරිමේ කැමැත්ත විමසීමට පවත්වනු ලබන ජනමත විචාරණය වෙනුවෙන් ජන්ද පොළවල් වෙත යාමට නියමිතය

එමෙන්ම ඊයේ (19) දිනයේ සිට ආරම්භ වු ඉතාලියේ ප්‍රධානකම පාපන්දු තරඟාවලියට මෙතෙක් පැවති ප්‍රේක්ෂක තහනම ඉවත් කර එම පාපන්දු තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයින් 1000 ක් ක්‍රීඩා පිටි තුලට ඇතුල්වීමට අවසර ලබාදුන් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි                                                                                                                                                          

ඊයේ (19) ඉතාලියේ PCR  පරික්ෂණ 103,223 ක් සිදු කර කොවිඩ් ආසාධිතයන් 1638 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

ඊ‍යේ (19) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 24 ක් වාර්තා වි තිබේ   

 චන්දන ප්‍රනාන්දු    

                                                                                                                                                                                          



Recommended Articles