කොව්ඩ් අරමුදල වෙනුවෙන් අගමැතිට රුපියල් මිලියන 1.28ක් ප්‍රදානය කරයි


ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල ලිපිකරු, කළමනාකරණ සහකාර, කාර්මික සේවා සංගමය කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 1.28ක මුදලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අද 2020.12.29 දින ප්‍රදානය කළේය.

මෙරට කොව්ඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් තර කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලිපිකරු, කළමනාකරණ සහකාර, කාර්මික සේවා සංගම් නියෝජිතයන් විජේරාම පිහිටි නිල නිවසේදී මෙම මුදල් පරිත්‍යාග කළේය.

මෙම සංගම්වල ප්‍රධාන සභාපති ධම්මික එස් ප්‍රියන්ත අදාළ මුදල් අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂට ප්‍රදානය කළේය.



Recommended Articles