කොල්ලුපිටියේ සාදය පැවැත්වු 9දෙනාට ඇප


නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකය අසල සාදයක් පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිස රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැර තිබේ.

ඊයේ කොල්ලුපිටිය පොලීසිය කළ වැටලීමකදී එහි සාදයක් පවත්වමින් සිටි  පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු සිටි බවයි.

ඒ අතර විදේශීය ජාතික පිරිමි 2 පුද්ගලයින් දෙදෙනකු සහ විදේශීය ජාතික කාන්තාවක ද විය.

 



Recommended Articles