කොල්ලුපිටියේ රිය අනතුරේ කෝටිපති ව්‍යාපාරිකයාට ඇප


කොල්ලුපිටියේ පසුගියදා සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ  ශරීර ඇප දෙකක් මත මුදා හැරියේය.

ඒ කොළඹ රථවාහන මහේස්ත්‍රාත් පී. ජේ.  ප්‍රභාකරන් මහතා අද (16දා) කළ නියෝගයට අනුවයි.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරිදා දින  කොල්ලූපිටිය පොලීසියේ පෙනී සිටින ලෙසට ද ඇප නියෝගයක් නිකුත් කළේය.



Recommended Articles