කොල්ලය වැළැක්වූ සැරයන් බුද්ධික එස්. අයි. තනතුරට


තඹුත්තේගමදී පසුගිය දා බැංකු කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ රු ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වීමට සැරයන්වරයා සමත් විය.

ඔහු විසින් කළ නිර්භීත ක්‍රියාව අගයමින් පදක්කමක් සහ රුපියල් ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණි.

 


Recommended Articles